Saturday, March 12, 2011
මනස්ස්ථාපනයට අප කැඳවන චතාරිකය
෴ චතාරිකයේ අරුත ෴
මිනිස් දුර්වලකමින් පාපයට ඇද වැටුණු අපව මනස්ස්ථාපනය සඳහා කැඳවන, ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය මෙනෙහි කිරීම තුළින් අපගේ වැරදි නිවැරදි කරගෙන නව ජීවිතයක් ඇරඹීමට අපව යොමු කරවන, ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසට අපව සූදානම් කරවන කාල පරිච්ඡේදය චතාරිකය ලෙසින් හැඳින්විය හැකිය.
"චතාරිකය" යන වචනය සෑදී ඇත්තේ, ලතින් භාෂාවේ "හතළිස" යන අර්ථය ඇති "ක්වඩ්ඩ්රා ජේසීමා" යන වචනයෙනි. "චතාරිකය" යන වචනය "චත්තාලිස" යන වචනයෙන් බිඳී එයි. "කොරොස්ම කාලය" යනුවෙන් ද හැඳින්වෙන මෙය ශ්‍රී ලාංකේය කිතුනුවන් "දැඩි උණුසුම් කාලයක්" යන අදහස ඇතිව භාවිත කරයි. එය ඉතාලි භාෂාවේ "කොරේසීමා" යන වචනයෙන් බිඳී එන්නකි. චතාරිකයට ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන LENT යන්න ඇංග්ලෝ සැක්සන් මූලාශ්‍ර වලට අනුව "වසන්තයේ උදාව" යන අදහස ගෙන දෙයි. ශිශිර සෘතුව ක්‍රමයෙන් පහව යමින් වසන්ත කාලය උදාවන්නේ මෙම කාලයේ නිසා ඉංග්‍රීසියෙන් මෙම වචනය යෙදේ. කිතුනු ආගමක සංකල්ප වලට අනුව චතාරිකය ජීවිත පරිවර්තනයක් තුළින් ඇතිවන නව කිතුනු වසන්තයක උදාව ඇති කර ගැනීමට කිතුනුවන්ව යොමු කරවන අවධියකි.Wednesday, February 10, 2010

ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපනය කෙරෙහි බලපෑ සාධක
සිංහල අක්ෂර මාලාවේ ආරම්භයත් සමගම අධ්‍යාපනයට නව පන්නරයක් ලැබුණි. පාරම්පරික කලා ශිල්ප පවුල් හා කුළ ගෝත්‍ර අතර ශිල්ප ශාස්ත්‍ර පවත්වා ගෙන යාමෙන් ද පැරණි අධ්‍යාපනයේ නව නැම්මක් ඇති විය. දෙවන පෑතිස් රජු සමයේ සිදුවූ මහින්දාගමනය ද නව අක්ෂර මාලාවක් ඇති කිරීමට සමත් වූ බව පෙනේ. අධ්‍යාපනය ජාතික අවශ්‍යතාවයක් බවට පත් වෙත්දී රාජ්‍යානුග්‍රහය ඊට හිමිවූයෙන් පන්සල් හා වෙහෙර විහාරස්ථාන ආශ්‍රීත අධ්‍යාපනය ලබා දීම සිදු විය. බුදු සමය තුළ සිදු වූ පුහුණු ශ්‍රමිකයන්ගේ සංක්රමණයන් හේතුවෙන් සිදුවූ කාර්මික හා තාක්ෂණික දියුණුව ද අධ්‍යාපනයට නව පන්නරයක් ලබා දුන්නේය.
Dharmopadeshakaya

Feeds